මෙහෙන්දි ගාලා කොහෙන්ද ආවේ සුරංගනාවී.අලුත් රටා කල්පයක් පුරා ඇස්පියන් අදීවී. වාත්තු කළ රූපයක් වගේමයි ජේත්තුකාරී. යාන්තමට දෙනුවනින් කියාදුන් කතාව මිහිරී. දෝංකාර දෙයි රැයක් පුරා නිදිමතත් මකාවී.

කුංකුම අංජන තවරා මීබට සුරඟන සේමා. රාමලාන් සඳ අහස් ලැබෙන් බැස පයින්ම යනදා.//

අනන්තවත් පිපෙනා දුහුල්මලුත් පරදා.//

මෙහෙන්දි ගාලා.../

සිනහ උල්පතක් වසන් කරන්නට තහංචි දාලා. දහස් ගණන් ඇස් යටින් යන්න යමු හොරෙන්ම රිංගා.//

නිසොල්මනේ හිඳිනා නමුත් ඔබහි අගනා...//

මෙහෙන්දි ගාලා.../

ගායනය - කවීෂ කවිරාජ්

සමනලියා මනලොලියා සුකුමලියා පාමුදුදා. මාලා ලා පාට සළු පලඳාලා. සඳ නැගෙනා වේලාවේ කොහෙටදො මේ.//

සුරූපි කුමාරී සිනාසී පාන ඔමරි ලතාවේ රෑයාමේ ප්‍රේමයෙ ගී මිමිනෙනවා යහනාවේ පාළු මගහරවාලා.සමනලියා.../හිනාවේ සරාගි හිනාවේ ඊය සිත බැඳුනාදො. රෑයාමේ ප්‍රේමයෙ ගී මිමිනෙනවා යහනාවේ පාළු මගහරවාලා.

සමනලියා.../

ගායනය - ආත්මා ලියනගේ

මල් සිනා සලන්න මල් සිනා තාරුකා දිලේ ඈත පායනා ආදරෙන් බලන්න මාදිහා. මල් සිනා සලන්න මල් සිනා තාරුකා දිලේ ඈත පායනා ආදරෙන් ආදරෙන් බලන්න මාදිහා.

මල් පිපී රඟන්නෙ සිත් ලෙසේ සුළඟේ වෙලී. ලස්සනයි මලේ සැලේ නිසන්සලේ රෝස මල් වනේ...//

මල් සිනා.../

ඉන්න එක්වෙලා නොයන්න වෙන් වෙලා පියාසලා. ආදරෙයි කියා කියන්න ලං වෙලා සිනාසලා.../

මල්සිනා.../

ගායනය - ආත්මා ලියනගේ

Songs I desire

 

Biography

My Pictures

My Family & Home

Places of My Village

Education

People I know

Religious View

My Favour

Home Page